Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක්  

Add comments

පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මඟින් සඳහා කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ අනුව,2019/08/6,8,10,12,14,16,18,20,22 ,24,26,28,30 හා සැප්තැම්බර් 01 වෙනි දින දක්වා කොළඔ කොටුවේ සිට පෙ.ව 07.10ට බදුල්ල බලා දුම්රිය ධාවනය වෙයි.

එමෙන් ම 2019/08/07,09,11,13,15,17,19,21,23,25,27,29,31 හා සැප්තැම්බර් 02 වන දින බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඔ කොටුව බලා පෙ.ව 07.30 ට දුම්රිය පිටත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම සති අන්තයේ මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානයේ දක්වා පෙ.ව 07.40ට ධාවනය වන අංක 1027 දරන දුම්රියත්,ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මහකනුවර දුම්රිය ස්ථානය දක්වා ප.ව 02.15 ට ධාවනය වන අංක 1028 දරන වායු සමනය කළ සිඝ්‍රගාමි දුම්රිය 2019/08/10 වන දින සිට 14 වන දින දක්වා ධාවනය කරන බව එම නිවේදනයේ සඳහන් වෙයි. මිට අමතරව කන්ද උඩරට ඇසළ මංගල්‍යය වෙනුවෙන් ද මෙම දුම්රිය සේවා මඟී ජනතාවට භාවිතා කිරීමට අවස්ථාව සැලසෙයි.

The post පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG