Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීමත් රියදුරන් වැටලීමේ මෙහෙයුම් දීර්ඝ කෙරේ  

Add comments

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දීර්ඝ කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. පසුගිය මස පස් වනදා ආරම්භ කළ මෙහෙයුම අදින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. එහෙත් එම වැටලිම් තවදුරටත් ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ගතවූ මාසයක කාලය තුළ බීමත් රියදුරන් 7144 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. රිය අනතුරු වැළැක්විමේ වැඩපිළිවෙලට සමගාමීවයි පොලිසිය මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කළේ.

මේ අතර වසරේ ගත වූ කාලසිමාව තුළ රිය අනතුරුවලින් 1629 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

ඊයේ පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය වස්කඩුව බස් රථ අනතුරට හේතුව රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

The post බීමත් රියදුරන් වැටලීමේ මෙහෙයුම් දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG