වෙනත් ජාතීන් සහ ආගම් විනාශ කර කිසි දිනක රටේ ජාතික ආරක්ෂාව ගොඩනැගිය නොහැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සසුනට අරුණ වැඩසටහන යටතේ ඉදි කෙරෙන හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත අංග සම්පූර්ණ සපහසුකම් සහිතව මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 81 ක්. අරන්තලාව ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ගිලන්ව වැඩවසන භික්ෂූන් වහන්සේට සහ ප්‍රදේශයේ වැඩවසන ගිලන් වූ භික්ෂූන් වහන්සේගේ පහසුව උදෙසා මෙම මධ්‍යස්ථානය ඉදි කෙරෙනවා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ජාතීන් සහ ආගම් විනාශ කර කිසි දිනක රටේ ජාතික ආරක්ෂාව ගොඩනැගිය නොහැකියි appeared first on ITN News.
Post a Comment