Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රීවරුන්ට දැනුම ලබාදීම සඳහා ඇගයීම් මධ්‍යස්ථානයක්  

Add comments

සිද්ධි කළමනාකරණය හා ඇගයීම් ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම ලබාදීම සදහා ඇගයීම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ නුදුරේදීම ස්ථාපනය කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. මෙරට විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ ප්‍රථම සහ එකම ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානය ද මෙයයි. එය අංක දෙසීය දහඅටෙන් එක, හයිලෙවල් පාර, පන්නිපිටිය ලිපිනයෙහි පිහිටා තිබෙනවා. නව ව්‍යාපාර ඇරඹීමට සූදානමින් සිටින ව්‍යවසායකයින්ට මෙමගින් පහසුකම් සැලසෙනවා. එය විවෘත කිරීමෙන් අනතුරුව නව ව්‍යාපාර හතක් ආරම්භ කිරීමද සිදුකෙරුණා. සෙෆෙනි ඩොට් එල්කේ වෙබි අඩවිය එළිදැක්වීම සිදුකෙරුණේ ද උපකුලපතිවරයා අතින්. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය, ව්‍යවසායකයින් සහ සිසුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

The post මන්ත්‍රීවරුන්ට දැනුම ලබාදීම සඳහා ඇගයීම් මධ්‍යස්ථානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG