රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ හත්වන දිනය අදයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 13ක් කේන්ද්‍ර කර ගනිමින් අද දවස පුරාත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.
මීගමුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක් අද දවස පුරා ක්‍රියාත්මක කෙරෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මීගමුව මෝරවල මුහුදු තීරයේ දී ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් ද පැවැත්වෙනවා. මීගමුව ප්‍රදේශයේ ධීවර ජනතාව වෙනුවෙනුයි එය සිදු කෙරෙන්නේ. දරුවන් සුරකිමු, ග්‍රාම ශක්ති, ස්මාර්ට් ශ්‍රී ලංකා ඇතුළු වැඩසටහන් රැසක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙනවා.
The post රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ හත්වන දිනය අදයි appeared first on ITN News.
Post a Comment