Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජේ ආර් ජයවර්ධන මහතාගේ 113වන ජන්ම දින සැමරුම අද  

Add comments

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 113වන ජන්ම දින සැමරුම අදයි. ප්‍රධාන සැමරුම් උත්සවය ජේ ආර් ජයවර්ධන කෙන්ද්‍රයේදී අද පස්වරුවේදී පැවැත්විමට නියමිතයි.

එක්දහස් නවසිය හයේ සැප්තැම්බර් දාහත් වනදා උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ. ආර් ජයවර්ධන මෙරට දේශපාලන ඉතිහාසයේ කෘතහස්ත දේශපාලනඥයෙක්. වයස අවුරුදු තිස්හයේ දී කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් දේශපාලන  ජීවිතය ඇරඹු ඔහු සිය දේශපාලන ජීවිතයේ වසර පහළොවක්ම කැබිනට් අමාත්‍ය ධුර දැරුවා. එක්දහස් නවසිය හැත්තෑවේ සිට එක්දහස් නවසිය හැත්තෑ හත දක්වා වසර හතක් ඔහු අසුන් ගත්තේ විපක්‍ෂ නායක පුටුවේයි. එක්දහස් නවසිය හැත්තෑ අටේ පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට ඔහු පත් වුණා. පාසල් පොත් ලබාදීමේ සිට කොළඹ ක්‍රමයත්, මහවැලිය කඩිනම් කිරීමත්, විවෘත ආර්ථිකය රටට හඳුන්වාදීමත් ඔහු ඉටු කළ මෙහෙයන් අතර ප්‍රමුඛතාව ගන්නවා. මේ අතර අද හත්වන පැය වැඩසටහන වෙන්වුයේද ජේ ආර් ජයවර්ධන මහතා වෙනුවෙනුයි.

 

The post ජේ ආර් ජයවර්ධන මහතාගේ 113වන ජන්ම දින සැමරුම අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG