Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායකගෙන් විශේෂ නිවේදනයක්  

Add comments

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් සළකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පරමාර්ථය අරමුණුකොටගත් දේශපාලන බලවේගයක් සමග පමණක් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි කතානායකවරයා මේ බව සදහන් කරන්නේ.

පසුගිය සති කිහිපයක තුළ මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම බොහෝ පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමාගෙන් ඉල්ලීම් කළ බව කථානායක කරූ ජයසූරිය මහතා එම නිවේදනයේ සදහන් කර තිබෙනවා. තමා කෙරෙහි විශ්වාසය තැබූ එම පිරිසට කෘතවේදීත්වය පිරිනමන බවයි ඒ මහතා පවසන්නේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ලැබී ඇති කුමන ඉල්ලීමක් වුවද සළකා බැලිය හැක්කේ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පරමාර්ථය අරමුණු කොටගත් දේශපාලන බලවේගයක් සමග පමණක් බව කතානායකවරයා අවධාරණය කරනවා. එමෙන්ම 17 වන සංශෝධනයෙන් ඉදිරිපත් කළ, 19 වන සංශෝධනය මගින් තහවුරු කළ ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයක් ද වියයුතු බව එම නිවේදනයේ සදහන් වනවා. එසේ වුවහොත් එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සුරක්ෂිත දේශයක් ගොඩනැගීමට නිශ්චිත සීමිත කාලයක් සදහා සිදුකරන කැපකිරීමක් වනවා. නැතහොත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදිහත්වීමක් නොවන බවද කතානායකවරයා අවධාරණය කරනවා. කෙසේ වුවද එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කරගත් පාර්ශ්වයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව එමෙන්ම සියලු පාර්ශ්වයන්ගේ ආශිර්වාදයෙන් එය සිදුවී ඇති බවයි කතානායවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

The post කතානායකගෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG