ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහාරාෂ්ට්ර ප්රාන්තයේ පූනෙයි නගරයට අධික වැසි ඇද හැලීමත් සමග ගංවතුර තත්ත්වයක් ඇති වුණා. නිවාස කඩාවැටීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි පැවසෙන්නේ. දස දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මහාරාෂ්ට්ර බලධාරීන් කටයුතු කළා. තවත් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින අතර ප්රදේශයේ පාසල් සහ කාර්යාල වසා දමා තිබෙනවා.
The post මහාරාෂ්ට්ර ප්රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment