උතුරු පළාතේ ඇති ගුරු පුරප්පාඩු පිරවීම සදහා 215 දෙනෙකුගෙන් යුක්ත ගුරුපත්වීම් ලබාදීම උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
උතුරු පළාතේ අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම අරමුණයි. 215 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ලබාදීම සිදු කෙරුණේ යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති උත්සවයකදීයී. ඉංග්‍රීසි භාෂාව සහ ශාරීරික අධ්‍යාපනය යන විෂයන් ඉගැන්වීම වෙනුවෙන් මෙම ගුරුවරුන් අනුයුක්ත කෙරෙනවා. වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල පැවති සම්මුක පරීක්ෂණවලින් තෝරාගත් ඩිප්ලෝමාධාරීන් වෙනුවෙනුයි පත්වීම් පිරිනැමුණේ.
The post උතුරු පළාතේ ගුරු පුරප්පාඩු පිරවීමට 215 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් appeared first on ITN News.
Post a Comment