අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ උද්ඝෝෂණ,රැස්වීම් හා පෙළපාලි වළක්වාලමින් අධිකරණ නියෝගයක්
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ අද සිට ලබන 10 වනදා තෙක් උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා.
මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක, රාවනා බලයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන ස්වාමීන්වහන්සේ ඇතුලු පිරිසකටයි. උද්ඝෝෂණ හා පෙළපාලි සඳහා සහභාගි වන සියලු ජනතාව වෙත ද මෙම නියෝගය බලාත්මක වනවා.
The post අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ උද්ඝෝෂණ,රැස්වීම් හා පෙළපාලි වළක්වාලමින් අධිකරණ නියෝගයක් appeared first on ITN News.
Post a Comment