Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බහමාස් දූපත් වෙත සුළිකුණාටු අවදානමක්  

Add comments

බහමාස් දූපත් වෙත ප්‍රබල සුළිකුණාටුවකින් බලපෑම් එල්ල වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩෝරියන් නමැති මෙම සුළිකුණාටුව 4 වන වර්ගයේ සුළි කුණාටුවක් ලෙස සැලකෙනවා. බහමාස් හි ජනතාව ආරක්‍ෂිත ප්‍රදේශ කරා යොමු කිරීම මේ වන විට සිදුවන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. සුළිකුණාටුවේ බලපෑම අතිශයින් භයානක විය හැකි බවට දැනටමත් කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. අද දිනය තුළ සුළිකුණාටුව බහමාස් දූපත් කරා ළඟා වීමට නියමිතයි. මේ වන විටත් ඇතැම් ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් බහමාස් හි ප්‍රධාන ගුවන්තොටුපොළ තවමත් විවෘතව පවතිනවා. බහමාස් පසු කිරීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වෙරළ තීරයට ද සුළිකුණාටුවෙන් බලපෑම් ඇති වීමට නියමිතයි. පැයට කිලෝමීටර 225 ක වේගයෙන් හමන සුළඟ මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සුළිකුණාටු තත්ත්වයන්ට අයත් වන බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා. 1992 වසරේදී මෙවැනි සුළිකුණාටුවකින් බහමාස් දූපත්වලට බලපෑම් එල්ල වූ අතර 65 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වී නිවාස හැටතුන්දහසක් විනාශයට පත්වුණා. මේ අතර සුළිකුණාටුව හේතුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පෝලන්ත සංචාරය අවලංගු කර උප ජනාධිපති මයික් පෙන්ස් ඒ සඳහා යවා තිබෙනවා.

 

 

The post බහමාස් දූපත් වෙත සුළිකුණාටු අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG