කාන්තාවන් දූෂණය කරන විට එය නොදුටුවා සේ සිටි පාලකයන් නැවත බලයට පැමිණි පසු කාන්තා අයිතිය සුරක්ෂිත කරන බවට බොරු පොරොන්දු ලබා දෙමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මඩකලපුව මන්මුණේ කුමරන්කුඩිඉරිප්පු හා කාලිකාපුරම් උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ මෙම ගම්මාන දෙක ඉදිකර තිබෙනවා. ගම්මාන දෙකෙහි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 51ක්. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 450 ක් බවයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් සඳහා ප්රතිලාභ ලබා දීම මෙන්ම දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම ද අමාත්‍යවරයා අතින් අද සිදුකෙරුණා.
The post බොරු පොරොන්දු දෙන පාලකයන් ගැන සජිත් කියන කථාව appeared first on ITN News.
Post a Comment