Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 14 දෙනෙකු තුවාල ලැබුවා.

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි කර්මාන්ත ශාලාවකයි පිපිරීම සිදුවුණේ. ඒ  හේතුවෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා. අසල තිබූ ගොඩනැගිලි හා රථවාහන කිහිපයකට ද හානි සිදුවුණා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. උත්සව සමය හේතුවෙන් ඉන්දියාවේ ගිනිකෙළි සදහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ හේතුවෙන් අනවසර කර්මාන්ත ශාලා වැඩිවී ඇති අතර ඒවා නිසි ප්‍රමිතියකින් තොරවීම මෙවැනි අනතුරුවලට හේතුව බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

 

 

The post උතුරු ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG