Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහල් නිවාස ව්‍යාපෘති 3ක් අගමැති අතින් ජන අයිතියට  

Add comments

කොළඹ ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකළ මහල් නිවාස ව්‍යාපෘති තුනක් එකවර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීමේ වැඩසටහන යටතේ කොළඹ 15 හේනමුල්ල ප්‍රදේශයේ මෙම නිවාස ව්‍යාපෘති ඉදිකෙරුණා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේයි එම ඉදිකිරීම් සිදු කෙරුණේ.

මිහිජය සෙවණ හෙළමුතු සෙවණ හා රන්මිතු සෙවණ යන මෙම මහල් නිවාස ත්‍රිත්වය නිවාස ඒකක තුන්දහස් තුන්සියයකින් සමන්විතයි. ඒ සදහා ආයෝජනය කළ මුදල රුපියල් මිලියන පහළොස් දහස් නවසිය විසි හතරක්. මහල් 15 කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘති විදුලි සෝපාන, ප්‍රජා ශාලා ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

The post මහල් නිවාස ව්‍යාපෘති 3ක් අගමැති අතින් ජන අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG