Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරීන් 64 කට ස්ථාන මාරුවීම්  

Add comments

පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ද ඊට ඇතුලත්. සේවා අවශ්‍යතාවය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව එය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කේ පී එම් ගුණරත්න මහතා කෑගල්ල දිසාවේ සිට නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව වෙත මාරුකර තිබෙනවා. සබරගමුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පී මුණසිංහ මහතා මාරුකර තිබෙන්නේ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. ඊට අමතරව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ද ස්ථාන මාරුවීම් වලට ඇතුලත්. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරුන් 32 දෙනෙකු ද මෙලෙස ස්ථාන මාරුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

The post පොලිස් නිලධාරීන් 64 කට ස්ථාන මාරුවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG