Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විහාරස්ථාන 75 කට ජනපති අතින් පූජා ඔප්පු  

Add comments

දිවයින පුරා විහාරස්ථාන 75 ක් වෙත පූජා ඔප්පු පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරුණා. ඒ  ජනාධිපති මන්දිරයේ දීයි.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහතික කිරීමේ අරමුණ ඇතිව දිවයින පුරා විහාරස්ථාන වෙත පූජා ඔප්පු පිරිනැමීම සිදුකෙරුණේ ඉඩම් දීමනා පත්‍ර හා බලපත්‍ර දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි. ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථාන සදහා පූජා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. දිවයින පුරා රජයේ ඉඩම්වල පිහිටි විහාරස්ථානවලට අදාළ පූජා ඔප්පු 355 ක් 2015 වසරේ සිට මේ දක්වා සඟසතුකොට පූජාකර තිබෙනවා.

තවත් විහාරස්ථාන 700 ක් වෙනුවෙන් පූජා ඔප්පු මේ වනවිට සකස්කර අවසන්. විහාරස්ථාන 75 ක් වෙත පූජා ඔප්පු පිළිගැන්වීමේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එක්ව සිටියා.

මේ අතර සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණුකර ගනිමින් සෑම වසරකම සැප්තැම්බර් 12 වනදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපතිතුමා වෙත පැළදවීම අද (10) පෙරවරුවේ සිදුකෙරුණා. මෙමගින් ලැබෙන අරමුදල් මගින් සිරකරුවන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු ප්‍රජාසත්කාරක සේවාවන් රැසක් දියත් කෙරෙනවා.

 

The post විහාරස්ථාන 75 කට ජනපති අතින් පූජා ඔප්පු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG