Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් ඉරානයට චෝදනා  

Add comments

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලට ඉරානය වගකිව යුතු බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කරන්නේ ප්‍රහාරය සදහා පැමිණි ඩ්‍රෝන යානා යේමනයේ සිට පැමිණ ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. සෞදි බොරතෙල් සැපයුම්වලින් දිනකට බැරල් මිලියන 5.7ක් අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිශ්පාදනය කරන බොරතෙල් බැරල්වලින් හරි අඩකටත් අඩු ප්‍රමාණයක්. එහි සාමාන්‍ය යෙන් දිනකට බොරතෙල් බැරල් හැත්තෑලක්ෂයක් පිරිපහදු කරන බව සදහන්.

බොරතෙල් නෞකාවලට පැටවීම සදහා අවශ්‍ය සුරක්ෂිතම තත්ත්වයට පිරිපහදු කිරීම සිදුකරන්නේ ඩ්‍රෝන ප්‍රහාර එල්ලවූ අරම්කෝ ඛනිජ තෙල් ව්‍යාපාරයයි. මේ හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ලවන අතර එමගින් ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිලට විශාල බලපෑමක් සිදුවනු ඇති බවටයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

The post ඇමරිකාවෙන් ඉරානයට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG