සෞදි අරාබිය විදෙස් සංචාරකයින් සදහා නව වීසා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙහිදී රටවල් 49 ක් සදහා මෙම නව වීසා බලපත්‍ර හදුන්වාදීමට කටයුතු කර ඇති බව සදහන්.
විදෙස් රටවල සිට පැමිණෙන කාන්තාවන් සදහා ඇදුම් පැළදුම් සදහා පනවා ඇති නීති ලිහිල් කර තිබීම විශේෂත්වයක්. මෙතෙක් සෞදි අරාබිය වන්දනාකරුවන්ට ව්‍යාපාරිකයන්ට සහ විදේශගත සේවකයන්ට වීසා බලපත්‍ර ලබා දීම සීමා කර තිබුණා. 2030 වසර වන විට සංචාරක කර්මාන්තයේ දළ දේශීය නිෂ්පාදනයන් සියයට 03 සිට සියයට දහය දක්වා ඉහළ නැංවීම ඔවුන්ගේ අරමුණයි.
මෙම පියවර සෞදි අරාබියට ඓතිහාසික අවස්ථාවක් බව එරට සංචාරක අමාත්‍ය අහමඩ් අල්කටීබ් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මක්කම සහ මෙඩීනා වෙත ප්‍රවේශ වීම සීමා කර ඇති බවද සදහන්.
The post සෞදිය සංචාරක වීසා නීති ලිහිල් කරයි appeared first on ITN News.
Post a Comment