නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ වැඩසටහනේ මීලග නිවාස ව්‍යපෘති ලෙස ආදර්ශ ගුරුගම්මාන දෙකක් එළඹෙන ජනාවාස දිනයේදී ජනතා අයිතියට පත් කෙරෙන බව එම අමාත්‍යාංශය පවසනවා.
නිවාස 27 කින් සමන්විත මෙම ව්‍යාපෘති දෙක දිසාපාමොක් පුර හා ශිල්පාලෝකපුර ලෙස නම් කර තිබෙනවා. සැමට සෙවන ජාතික ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් සදහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබාදී තිබෙනවා. එය ලක්ෂ 25 ක් දක්වා වර්ධනය කර නිවසක් තනා ගැනීමට අවස්ථාව ගුරුවරුන් හට උදා වුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේයි එම කටයුතු සිදු වන්නේ.
The post ආදර්ශ ගුරුගම්මාන දෙකක් එළඹෙන ජනාවාස දිනයේදී ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment