හෙට දිනයේද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් මුහුදු ප්රදේශවලද තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි. නායයාම් අවදානම් නිකුත්කර ඇති ප්‍රදේශවලට ද එම නිවේදනය තවදුරටත් බලපැවැත්වෙනවා.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 12 කට වැඩි මුදලක් මේ වනවිට ලබාදී තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වූයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගිං ගග පිටාර ගැලීමෙන් නාගොඩ, උඩුගම,බද්දේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවුණා. මාර්ග කිහිපයක ද ගමනාගමනය ඇනහිට තිබෙනවා. ගාල්ල වදුරඹ ප්‍රදේශයේ පස් කන්දක් නායයාම හේතුවෙන් මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබාදීමට පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා කටයුතු කළා.
නිල්වලා ගග පිටාර ගැලීම හේතුවෙන් තිහගොඩ, මාලිම්බඩ,කඹුරුපිටිය ඇතුළු ජලයෙන් යට වූ ප්‍රදේශවල ජලය ක්‍රමයෙන් බැසයමින් පවතිනවා. මාතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සිදුකෙරෙනවා.ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාද දායක වී සිටියා.
කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් හා අතුරුමාර්ග රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ ද ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන සැලසීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කළා.
මේ අතර දකුණ සහ බස්නාහිර පළාත්වල සහන සැළසීමේ කටයුතු වෙනුවෙන් නාවික හමුදා ඩිංගි යාත්‍රා 23 ක් සහිත සහන කණ්ඩායම් 24 ක් එක්ව සිටිනවා. මේ වන විට සිවිල් වැසියන් දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
The post හෙට දිනයේ පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment