Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලියාපදිංචි ගොවීන්ගේ වගා හානි වන්දි මුදල් සති දෙකක් තුල ගෙවා නිම කරන ලෙස නිලධාරීන්ට උපදෙස්  

Add comments

ලියාපදිංචි ගොවින්ගේ වගා හානි වෙනුවෙන් වූ වන්දි මුදල් සති දෙකක් තුළ ගෙවා නිම කරන ලෙස අමාත්‍ය පී හැරිසන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගොවි නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදියි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කළේ.

සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු ගොවි නියෝජිතයින් පිරිසක් හා අමාත්‍ය පී හැරිසන් මහතා අතර සාකච්ඡාවක් ග්‍රාමීය කටයුතු පිළිබද අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කෘෂි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි රක්ෂණ වාරික මුදල් ගෙවූ සියලු ගොවීන්ගේ වන්දි මුදල් සති දෙකක් තුළ ගෙවා නිම කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී කෘෂි රක්ෂණ මණ්ඩල නිලධාරීන්ට දැනුම් දුන්නේ.

ඒ අනුව අම්පාර ප්‍රදේශයේ ගොවින් තුන්දහසකට වගා හානි සදහා ගෙවීම් කිරීමට රුපියල් මිලියන 200 ක මුදලක් වැය වන බව නිලධාරීන්මෙහිදී පෙන්වා දුන්නා. මෙම මුදල් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී කියා සිටියේ. සේනා දළඹු වගා හානි වන්දි මුදල් ගෙවීමේ පළමු අදියර මේ වන විට අවසන්ව තිබෙනවා. දෙවන අදියර යටතේ අම්පාර හා මොණරාගල ගොවීන් සදහා රුපියල් මිලියන හාරසිය නවයක මුදලක් ගෙවීමට ඇති අතර ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කළා.

කීඩෑ උවදුර හේතුවෙන් වගා හානි වූ ගොවීන් පහළොස් දහසකට වන්දි ලබාදීම වෙනුවෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා. අසාධාරණ ලෙස වෙළෙදපොළේ සිදුවන බීජ වී අලෙවිය සම්බන්ධයෙන් ද ගොවීන් මෙහිදී කරුණු ඉදිරිපත් කළා. රටට අවශ්‍ය බීජ රට තුළම නිෂ්පාදනය කර ගොවියාට සාධාරණ මිලකට ලබාදීමේ ක්‍රමවේදයක් සකසන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

 

The post ලියාපදිංචි ගොවීන්ගේ වගා හානි වන්දි මුදල් සති දෙකක් තුල ගෙවා නිම කරන ලෙස නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG