Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ‍්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශය ඇරඹෙයි  

Add comments

ඊශ‍්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශය ආරම්භ වුණා. සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 6 කට ආසන්නයි.

මධ්‍යස්ථාන එකොලොස් දහස් එකසිය හැට තුනකදී ඡන්ද විමසීම පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ ආසන 120 ක් සදහා ඉදිරිපත්ව සිටින පක්ෂ සංඛ්‍යාව 31 ක්. මාස පහක් ඇතුලත දෙවන වතාවටත් මහ මැතිවරණයක් කැදවීමට ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පියවර ගත්තා. මැතිවරණයෙන් බහුතර බලයක් කිසිදු පක්ෂයකට හිමිනොවීමයි ඊට හේතුව.

ඒ අනුව ඊශ‍්‍රායල ඉතිහාසයේ එක් වසරක් තුළ අවස්ථා දෙකකදී මහ මැතිවරණය පැවැත්වෙන පලමු අවස්ථාව මෙයයි. මත විමසුම් කිහිපයක්ම මැතිවරණයට පෙර පැවැත්වුණා. අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු බහුතර බලයක් හිමිකරගන්නා බවයි ඇතැම් විමසුම්වලදී හෙළිව තිබෙන්නේ. එහෙත් කිසිදු පාර්ශ්වයකට මෙවරත් බහුතර බලයක් නොලැබෙන බවද මත විමසුම්වලදී පැහැදිලි වී තිබෙනවා.

The post ඊශ‍්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශය ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG