Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් කිරීමේදී ශ්‍රී ලංකාවේ කාන්තා දායකත්වය වැදගත් බව කතානායක පවසයි  

Add comments

ඉන්දියන් සාගරයේ වෙළෙද මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී කාන්තා දායකත්වය ඉතා වැදගත් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. හොදම වෘත්තීය කාන්තාවන් පනස් දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් කතානායකවරයා මේ බව කියාසිටියා.

තිරසර සංවර්ධනය සදහා කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් මෙම සම්මාන උලෙළ ක්‍රියාත්මක වනවා. එහි පළමු සම්මාන ප්‍රදානෝත්සවය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැග්‍රිලා හෝටලයේදී පැවැත්වුණා. දිවයිනේ හොදම වෘත්තීය කාන්තාවන් පනස් දෙනෙකු තෝරා ගනිමින් ඔවුන් දිරිගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු ආධාර යටතේ කාන්තා කළමනාකරන ආයතනය විසින් මෙම වැඩසටහන සංවිධාන කරනු ලබනවා. සමාජ ආර්ථිකය මෙහෙයවන විස්සයි විසිපහ රටේ දැක්ම කරා සෑම පුරවැසියෙකුම රැගෙන යාම මෙහි අරමුණ වනවා. දිවයින පුරා කාන්තාවන් කාර්මික අංශයෙන් දිරිගැන්වීම සදහා ඩේවිඩ් පීරිස් ආයතනය සිදුකළ සමාජ සත්කාර ව්‍යාපෘතිය ද මෙහිදී ඇගයීමට ලක්වුණා.

The post ඉන්දීය සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් කිරීමේදී ශ්‍රී ලංකාවේ කාන්තා දායකත්වය වැදගත් බව කතානායක පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG