Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ ධීවර කර්මාන්තය නංවන්න රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලින් සාර්ථක ප්‍රතිඵල  

Add comments

උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීමට රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා.

උතුරු පළාත තුළ ධීවර කර්මාන්තයේ නිරත පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් ධීවර ආම්පන්න හා බෝට්ටු ලබා දීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවුණා. එමෙන්ම ධීවර කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමට ද ඒ යටතේ පියවර ගැනුණේ එම ධීවර පවුල් සවිබල ගැන්වීමේ අරමුණින්.

මේ වන විට උතුරු පළාතෙන් සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. ධීවර වරාය හා තොටුපොළ සංවර්ධනය තුළින් ධීවරයින්ට තම කටයුතු සිදුකරගෙන යාම පහසු වී ඇති බවයි එම පිරිස් පවසන්නේ. මත්ස්‍ය වෙළෙඳපොළ නිර්මාණය වී තිබීම ද ඔවුන්ට ලැබී ඇති තවත් සහනයක්.

 

The post උතුරේ ධීවර කර්මාන්තය නංවන්න රජය ක්‍රියාත්මක කළ වැඩසටහන්වලින් සාර්ථක ප්‍රතිඵල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG