Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීමේදී ජනතාවට සිදුවන අපහසුතාවන් ඉවත් කළයුතුයි  

Add comments

රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීමේදී ජනතාවට නොයෙක් අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන බවත් එම තත්ත්වය වෙනස්කළ යුතු බවත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය පිළිබද ජාතික ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය පිළිබද ජාතික ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය නෙළුම්පොකුණ රගහලේ දී පැවැත්වුණේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාගම් තිහකට අධික සංඛ්‍යාවක 1300 ක පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. තත්ත්ව හා ඵලදායිතා සංකල්පය ඔස්සේ වැඩි ඵලදායිතාවක් රට තුළ ඇතිකිරීම මෙම උලෙළේ අරමුණයි. රන්, රිදී, ලෝකඩ සම්මාන ලාභීන් අතරින් රන් සම්මාන ලාභීන්ට ලබන 22 වනදා ටෝකියෝ හිදී ආරම්භ වන ජාත්‍යන්තර ඵලදායිතා සම්මාන උලෙළට සහභාගිවීමේ අවස්ථාවට හිමිවනවා. ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා සංගමයේ සභාපති බෙනට් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීමේදී ජනතාවට සිදුවන අපහසුතාවන් ඉවත් කළයුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG