Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝට්ටේ රාජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහැර අද  

Add comments

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආරම්භ කෙරුණා. පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කරනවා.

විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පෙරහැර මංගල්‍යය දැකබලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියා. සදාතුක කරඩුව මංගල හස්ථි රාජයා මත තැන්පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණා. උඩරට,  පහතරට,  සබරගමු ආදී සාම්ප්‍රදායික නර්ථනාංග සියයකට අධික ප්‍රමාණයකින් පෙරහැර මංගල්‍යය අලංකෘත වුණා.

මේ අතර ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් අද දිනයේ ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව පිටකෝට්ටේ,  රාජගිරිය,  බොරැල්ල දෙසට ගමන් ගන්නා වාහන නුගේගොඩ නිරෝමි හන්දිය පාගොඩපාර ඔස්සේ පැමිණ නාවලපාර හරහා ගමන්කළ යුතු වනවා. පිටකෝට්ටේ හන්දිය හරහා තලවතුගොඩ දෙසට ගමන් ගන්නා වාහන ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ පැමිණ ජුබිලි කණුව හරහා පරණ කොට්ටාව පාර දෙසට ගමන් කළ යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

 

 

The post කෝට්ටේ රාජමහා විහාරයේ අවසන් රන්දෝලි පෙරහැර අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG