Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුකරයේ ජනතාවගෙන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟයි  

Add comments

රටේ වතුකරයේ ජනතාවගෙන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග සිටිනා බවත් ජනාධිපතිවරණයෙන් නිසකයෙන් ජය ගන්නේ එක්සත් ජාතික පක්ෂය බවද රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අවදාරණය කරනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැවිලි සවිය ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින්. මීට සමගාමිව රබර් වගාකරුවන් දිරිමත් කරමින් කළුතර දිස්ත්‍රික්කයේ රබර් වගාකරුවන් වෙත ප්‍රතිලාභ පිරි නැමිමක්ද සිදු වුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. පසුගිය වර්ෂයට වඩා වැඩි මුදලක් ප්‍රතිලාභ වශයෙන්  ලබාදීම ද විශේෂත්වයක්.

අලුතින් වගා කරන රබර් හෙක්ටයාරයක් සදහා රුපියල් ලක්ෂ තුනක්ද,  නැවත වගා කිරිම සදහා හෙක්ටයාරයකට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක්ද,  රබර් ඉඩම් වල අතුරු භෝග වගාකරුවන්ට අක්කරයකට රුපියල් හතලිස් දහසක මුදලක් ද ලබා දිම සිදු කෙරුණා.  මෙම අවස්ථාවට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර් බී ප්‍රේමදාස මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.

 

 

The post වතුකරයේ ජනතාවගෙන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG