Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ළමා විවාහ පරීක්ෂා කිරීමට කාර්ය සාධක බලකායක්  

Add comments

ඉන්දියාවේ ඔඩීෂා ප‍්‍රාන්තයේ ළමා විවාහ පරීක්ෂා කිරීමට කාර්ය සාධක බලකායක් පත්කර තිබෙනවා. කෝරපුට් දිස්ති‍්‍රක්කයටයි වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

කලාපයේ ග්‍රෝතික ප‍්‍රජාවන් අතර බහුලව දක්නට ලැබෙන ළමා විවාහ පරීක්ෂා කිරීමයි වැඩපිළිවෙලේ අරමුණවී ඇත්තේ. කෝරපුට් දිස්ති‍්‍රක්කය තුළ ළමා විවාහ අනුපාතය 34.7 %ක් බවටයි අනාවරණයවී තිබෙන්නේ. නිසි ලෙස පාසල් අධ්‍යාපනයට යොමු නොවීම ළමා විවාහ ඉහළ යාමට හේතුවී ඇති බව ප‍්‍රාන්ත බලධාරීන් පවසනවා. පවතින තත්වය සැලකිල්ලට ගනිමින් පත්කර ඇති කාර්ය සාධක බලකායට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පොලීසිය ඇතුලු දෙපාර්තමේන්තු 21 ක නිලධාරීන් අනියුක්ත කර තිබෙනවා. ඊට අමතරව ග්‍රෝතික භාෂාවෙන් විකාශය කෙරෙන ප‍්‍රජා ගුවන්විදුලි සේවාවක් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

The post ඉන්දියාවේ ළමා විවාහ පරීක්ෂා කිරීමට කාර්ය සාධක බලකායක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG