Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ‍්‍රායලයේ යළිත් සන්ධාන රජයක් බිහිවන ලකුණු  

Add comments

ඊශ‍්‍රායල් මහ මැතිවරණයෙන් බහුතර බලයක් කිසිදු පාර්ශවයකට හිමිනොවන බව විශ්ලේෂකයන් ප‍්‍රකාශ කළා.

දැඩි තරගකාරි මට්ටමක් ප‍්‍රධාන පක්ෂ දෙකක් අතර නිර්මාණය වී තිබෙනවා. බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂයට ආසන 32ත් 34ත් අතර සංඛ්‍යාවක් ලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ආසන 30ත් 33ත් අතර සංඛ්‍යාවක් ලබාගත හැකි බවට මත පළවී තිබෙනවා.

ඒ අනූව රජයක් පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවල සහාය ලබාගැනීමට සිදුවන බවයි විචාරකයන් පවසන්නේ. ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120ක්. මේ වසරේ දෙවන වරටයි හදිසි මැතිවරණයක් පැවැත්වීමට ඊශ‍්‍රායලය පියවර ගත්තේ. ඒ පැවති මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් හිමි නොවීම හේතුවෙන්. අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පසුගිය දස වසරක කාලය පිළිබඳ ජනමත විචාරණයක් ලෙසටත් මෙවර මැතිවරණය සැළකෙනවා.

The post ඊශ‍්‍රායලයේ යළිත් සන්ධාන රජයක් බිහිවන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG