Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර දක්වන බව සවුදිය කියයි  

Add comments

ප‍්‍රහාරයට එරෙහිව ප‍්‍රතිචාර දක්වන බව සවුදි අරාබිය ප‍්‍රකාශ කළා. තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වලට එල්ලවූ ඩ්‍රෝණ ප‍්‍රහාර වලින් නිෂ්පාදන කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වුණා. ඉරානය ඊට සම්බන්ධ බවටයි මේ වනවිට චෝදනා එල්ලවී තිබෙන්නේ.

ඒ සඳහා සාධක පවතින බව ඇමරිකාවත් සඳහන් කළා. කෙසේවෙතත් ඔවුන් එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ප‍්‍රහාරයේ වගකීම මීටපෙර යේමන කැරලිකරුවන් භාරගත්තා. විමර්ශන සඳහා ජගත් සංවිධානයේ සහයෝගය ලබාගැනීමටයි සවුදි රජය තීරණය කළේ. ඒ අනුව හෙළිවන කරුණු මත ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ඔවුන් පෙන්වාදුන්නා. ජාත්‍යන්තරයේ විශේෂ අවධානය ද මීට යොමුව තිබෙනවා. කෙසේවෙතත් පිරිපහදු කටයුතු මේ මස අවසන්වීමට පෙර යථා තත්වයට පත්කරන බවයි සවුදිය සඳහන් කළේ.

The post ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර දක්වන බව සවුදිය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG