Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානව හිමිකම් රැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී අවධාරණය කෙරේ  

Add comments

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණවලට නිසි පිළිගැනීමක් ලබාදිය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය පවසනවා. මානව හිමිකම් කවුන්සිලයේ හතලිස් දෙවන සැසිවාරය අමතමින් ඇය මේ බව සදහන් කර තිබෙනවා.

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම පිළිබද ක්‍රියාකාරී කණ්ඩායම 2015 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ලබාදුන් නිර්දේශ වසර හතරක් තුළදී ක්‍රියාත්මක කිරීම පිළිබද පසුවිපරම් වාර්තාව සම්බන්ධයෙන් මෙන්ඩිස් මහත්මිය අදහස් දක්වා තිබෙනවා.  අනාගතයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ඕනෑම ක්‍රියාවක් නැවැත්වීම සදහා පසුගිය වසරේදී පාර්ලිමේන්තුව නීතිමය රාමුවක් ගෙන ඒම මෙම වැඩපිළිවෙලේ ප්‍රගතියක් වනවා. ශ්‍රී ලංකාවේ සියලු රැදවුම් ස්ථානවලට බාධාවකින් තොරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ප්‍රවේශ වීමේ පහසුව සලසා තිබෙනවා. එමෙන්ම අතුරුදන් වූවන් පිළිබද ස්වාධීන කාර්යාලයක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය කාර්යාල තුනක් ද ස්ථාපිත කර තිබෙනවා. මානව හිමිකම් හෝ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම්වලට ගොදුරුවූවන්ට මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම සදහා කාර්යාලයක් පිහිටුවීම මෙම ව්‍යාපෘතියට ඇතුළත්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනතාවට අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බව නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරිය මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම මෙරට සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකාව කැපවී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

The post මානව හිමිකම් රැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී අවධාරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG