Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්  

Add comments

තද වැසි සමඟ ගංවතුර සහ නායයාම් පිළිබදව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. ගංඟා දෙපස පහත් බිම්වල සිටින ජනතාව මෙන්ම නායයාම් අවදානම් ප‍්‍රදේශවල සිටින ජනතාව ද ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.

ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. අකුණු අනතුරු අවම කරගැනීමට වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඉදිරි පැය 24 තුළ ප‍්‍රදේශ රැසකට මිලිමීටර සියයක පමණ වැසි ඇති වන බවට අපේක්ෂා කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට එම තත්වය වැඩි වශයෙන් බලපාන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල ද පස්වරුවේදී වැසි ඇති විය හැකියි. වැසි තත්වයන් සමඟ තද සුළං හටගැනීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වනවා.

The post ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG