Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවුදියේ තෙල් නිෂ්පාදනය අඩු කෙරේ  

Add comments

යේමන කැරලිකරුවන්ට ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තරම් හැකියාවක් තමන් සතු බව සවුදියේ ඔටුන්න හිමි කුමරු ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ සවුදියේ ඉන්ධන සහ ගෑස් නිෂ්පාදන සංකීර්ණ දෙකකට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ සාකච්ඡා කරමින්.

හූති කැරලිකරුවන් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන කෙටි වේලාවකින් ඇමරිකා ජනාධිපතිවරයා සහ සවුදියේ ඔටුන්න හිමි කුමරු අතර මෙම දුරකථන සංවාදය ඇතිවූ බවයි සවුදි නිල පුවත් ඒජන්සිය පවසන්නේ. ඩ්‍රෝණ ප‍්‍රහාර වලින් පසු සවුදියේ තෙල් සහ ගෑස් ටැංකිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. මෙම ප‍්‍රහාරය ලෝක වෙළෙද පොළේ තෙල් මිල ඉහළයාම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇති බව ද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙනවා. 2015 සිට යේමන සිවිල් යුද්ධයට එක් පාර්ශවයකින් නායකත්වය සපයන හූති කැරලිකරුවන් ඩ්‍රෝණ යානා 10 ක් යොදා ගනිමින් මෙම ප‍්‍රහාරය සිදුකළා.

මේ වනවිට සවුදියේ තෙල් නිෂ්පාදනය අවම කිරීමට ද සිදුව තිබෙනවා. සවුදි අරාබියේ සමස්ථ තෙල් නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රහාරය එල්ලවූ මෙම සංකීර්ණවලදී සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ. මේ අතර ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කර තිබෙනවා. ඒ ප‍්‍රහාර සඳහා යේමන කැරලිකරුවන්ට ඩ්‍රෝණ යානා සැපයූ බවට සඳහන් කරමින්.

The post සවුදියේ තෙල් නිෂ්පාදනය අඩු කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG