Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැඩි මිලට පාන් අලෙවි කළොත් පාරිභෝගික අධිකාරියෙන් දැඩි පියවර  

Add comments

පාලන මිල ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දමා ඇත්තේ තම අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ.

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල අද (06) සිට රුපියල් පහයි ශත පනහකින් ඉහළ නංවන ලෙස ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා. ඊට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් දෙකකින් ඉහළ නංවන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල  ඉහළ නැංවීමට එරෙහිව පියවර ගන්නා ලෙස පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය එම අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

2016 ජූලි මස 14 වනදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කර තිබෙන තිරිගු පිටි මිල වැඩි කිරීමට නම් ඒ සදහා පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි. එසේ අවසරයකින් තොරව තිරිගු පිටි මිල වැඩි කිරීම නීතිවිරෝධී බැවින් අදාළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය තවදුරටත් ඉල්ලා සිටින්නේ.

 

 

The post වැඩි මිලට පාන් අලෙවි කළොත් පාරිභෝගික අධිකාරියෙන් දැඩි පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG