ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණය ආරම්භ වුණා. ඡන්ද විමසීම ආරම්භවී සුළු වේලාවකට පසු කන්දහාර් ප‍්‍රදේශයේ පිපිරුමක් වාර්තාවී තිබෙනවා. ඉන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. අද (28) උදෑසන 7 ට ආරම්භවූ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන හතළිස් නවදහස් හාරසිය දෙකකදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 9 කට අධිකයි. ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා විශාල පිරිසක් පෝලිම්වල රැඳීසිටින බවයි එරට මැතිවරණ කොමිසම පවසන්නේ.
රටපුරා ආරක්ෂාව තරකර තිබෙනවා. ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 15 ක්. ඒ අතරින් වත්මන් ජනාධිපති අෂ්රෆ් ඝානි සහ ප‍්‍රධාන විධායක අබ්දුල්ලා අබ්දුල්ලා අතර තියුණු තරඟයක් පවතින බවයි වාර්තා වන්නේ. දශක 4 ක් පැවැති යුද්ධයෙන් විනාශවූ ඇෆ්ගනිස්ථානයට නව ජනාධිපතිවරයා නායකත්වය ලබාදෙන ආකාරය පිළිබද ලෝක ප‍්‍රජාව තුළ පවතින්නේ දැඩි කුතුහලයක්. මැතිවරණයේ මූලික ප‍්‍රතිඑල ඔක්තෝබර් 19 වෙනිදා වනවිට නිකුත් කිරීමයි සැලසුම. එහිදී සියයට 50 ක ඡන්ද ප‍්‍රතිශතයක් ඉක්මවා යාමට කිසිදු අපේක්ෂකයෙකු සමත් නොවුන හොත් නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයේ දෙවන වටය පැවැත්වෙනවා.
ඒ සඳහා තරඟවදින්නේ පළමු වටයේදී වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනායි.
The post ඇෆ්ගනිස්ථාන ඡන්ද විමසීම අතරතුර කන්දහාර් ප‍්‍රදේශයේ පිපිරීමක් appeared first on ITN News.
Post a Comment