Sep
26
විවාහ වීමට පෙර ලිංගික සබදතා පැවැත්වීම සහ විවාහ නොවී එකට ජීවත්වීම තහනම් කරමින් ගෙන ඒමට නියමිත නව අපරාධ පනතට එරෙහිව තවමත් ඉන්දුනීසියාවේ විරෝධතා පැවැත්වෙනවා.
අදාළ පනත පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබුණද විරෝධතා හේතුවෙන් එරට ජනාධිපති ජොකෝ විදෝදෝ එම පනත් කෙටුම්පත සදහා ඡන්ද විමසීම සිකුරාදා දක්වා කල් දැමුවා. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පවසන්නේ යෝජිත පනත සම්මත කර ගැනීම කල් දැමුවද එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් තවමත් පවතින බවයි.
ඉන්දුනීසියාවේ අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසකම මෙම විරෝධතා පැවැත්වුණා. විරෝධතා විසුරුවා හැරීම සදහා ආරක්ෂක අංශ කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post නව විවාහ නීතිවලට එරෙහිව ඉන්දුනීසියාව පුරා විරෝධතා appeared first on ITN News.
Post a Comment