අධිකරණ ක්ෂේත‍්‍රයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් නව ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කළ බව අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
නව අධිකරණ සංකීර්ණය ඉදිකිරිම මෙන්ම ප‍්‍රතිසංස්කරණ කටයුතු ද ඊට ඇතුලත්. රුපියල් මිලියන 276ක වියදමින් ඉදිකළ අනුරාධපුර නව අධිකරණ සංකීර්ණය ද ලබන 28වනදා ජනතා අයිතියට පත්කිරිමටයි නියමිත.
වැලිමඩ නව අධිකරණ සංකීර්ණය ද රුපියල් මිිලයන 500 ක වියදමින් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා. මේ වසර ඇතුලත තෙල්දෙණිය අධිකරණ සංකීර්ණයේ ඉදිකිරිම් ද ආරම්භ කරන බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
The post අනුරාධපුර නව අධිකරණ සංකීර්ණය ලබන සතියේ ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment