ටියුනීසියාවේ හිටපු ජනාධිපති සිනේ එල් අභිදීන් බෙන් අලි අභාවප්රාප්ත වුණා.
ටියුනීසියා හිටපු ජනාධිපතිවරයා මිය යනවිට 83 වන වියේ පසුවුණා. එරට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ ටියුනීසියාවෙන් පලා ගිය ඔහු මේ දක්වා ජීවත් වූයේ සෞදි අරාබියේයි. බෙන් අලී වසර 23ක් එරට බලය මෙහෙයවූ අතර ස්ථාවරත්වය සහ ආර්ථික සමෘද්ධියක් ලබා දීමේ ගෞරවය ඔහුට හිමිවනවා.
නමුත් දේශපාලන නිදහස සම්බන්ධයෙන් සහ දූෂණ විරෝධී ක්රියා හේතුවෙන් ඔහුට විවේචන එල්ලවී තිබෙනවා.
The post ටියුනීසියාවේ හිටපු ජනාධිපති සිනේ එල් අභිදීන් බෙන් අලි අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment