ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනයට අවදානමක් මතුවුණා. ඒ මෙතෙක් ප‍්‍රකාශයට පත්කර ඇති මැතිවරණ ප‍්‍රතිඑලවලින් පැහැදිලි බහුතරයක් හිමිනොවිම හේතුවෙන්.
බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය ආසන 32 ක් හිමිකරගෙන තිබෙනවා. බ්ලු ඇන්ඩ් වයිට් පක්ෂයට ආසන 33 ක් හිමිවුණා. ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 120 ක්. ඒ අනුව මෙවරත් ඊශ‍්‍රායලයේ සන්ධාන ආණ්ඩුවක් බිහිවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. බෙන්ජමින් නෙතන්යාහුගේ ඇමරිකා සංචාරය අවලංගු කර තිබෙනවා.
ඒ ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරිම සදහා. ජගත් මහ සමුළුවට සහභාගී නොවන බවයි ඔහු පවසන්නේ. මේවන විට ඡන්ද ගණන් කිරිම සියයට 95 ක් අවසන් බව ඊශ‍්‍රායල් වාර්තා සදහන් කළා.
The post ඊශ‍්‍රායල අගමැතිවරයා අවදානමක appeared first on ITN News.
Post a Comment