Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චන්ද්‍රයාන් යානයේ සන්නිවේදන සබඳතා බිඳවැටෙයි  

Add comments

ඉන්දියාවේ චන්ද්‍රයාන් දෙක යානය සඳ මත ගොඩබැස්සවීමට ආසන්නයේදී සන්නිවේදන ගැටලුවක් මතුවුණා.

යානය සමඟ පවතින සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති බවයි ඉන්දීය වාර්තා ප‍්‍රකාශ කළේ. ඒ සමඟ ගොඩබැස්සවීමේ කි‍්‍රයාවලියේ ගැටලු රැසක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. යානය සඳ මත ගොඩබැස්සවීම සජීවීව දැකබලා ගැනීමට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා. යළි සබඳතා ඇති කරගැනීම සඳහා දත්ත විශ්ලේෂණය කරමින් පවතින බවයි ඉන්දීය වාර්තා ප‍්‍රකාශ කළේ.

චන්ද්‍රයාගේ දකුණු දිශාවට යානය ගොඩබස්සවා පර්යේෂණ සිදුකිරීමයි ඉන්දියාවේ සැලසුම. එම උත්සාහ සාර්ථක වූයේ නම් චන්ද්‍රයා වෙත යානා යොමුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනවා. මීටපෙර එය සිදුකිරීමට රුසියාව, චීනය සහ ඇමරිකාව සමත් වුණා.

 

The post චන්ද්‍රයාන් යානයේ සන්නිවේදන සබඳතා බිඳවැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG