Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හෙට යාපනයේ  

Add comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා මීළග ප්‍රදර්ශනය යාපනය,  මුට්රවේලි හිදී හෙට (07) ආරම්භ වනවා. ඒ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේයි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. හෙට (07) සිට ලබන 10 වනදා දක්වා පෙරවරු නවයේ සිට රාත්‍රී 12 දක්වා එය මහජනතාවට විවෘතව පවතිනවා. කාර්මික,  කෘෂිකාර්මික,  ධීවර හා සංචාරක ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපාර ඇරඹීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මෙහිදී පොලී සහන ණය ලබාගත හැකියි.

යාපනය දිස්ත්‍රික්කයේ ආවේණික කර්මාන්ත නගාසිටුවීම ද මෙහි අරමුණක්. ඒ වෙනුවෙන් විශේෂ ජංගම සේවාවන් ද පැවැත්වෙනවා. ස්වයං රැකියාවල සිට සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ණය ලබාගැනීම පිළිබද උපදෙස් හා මගපෙන්වීම ද සිදුකෙරෙනවා.

 

 

 

 

The post එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හෙට යාපනයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG