Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි  

Add comments

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (06) අත්සන් තැබුවා.

මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ නඩුව සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලටයි ජනාධිපතිතුමා මෙසේ අත්සන් තැබුවේ. නීතිපතිවරයා සකස් කරන ලද පිටු විසිඑක් දහසකින් පමණ සමන්විත ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබෙනවා.

අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පරීක්ෂාවට ලක් වූ අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා එම ලිපි ලේඛණ සහතික කරනු ලැබුවා. එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරීන් වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

The post අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG