Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා බොරතෙල් මිල ඉහළට  

Add comments

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් අනතුරුව බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

අද දින ගෝලීය වෙළඳපලේ බෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 71.95 ක් ලෙස සටහන්ව තිබුණා.  එය 19% ක ඉහළයාමක්. වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියට් බොරතෙල් බැරලයක විකුණුම් මිල 15 %කින්  ඉහළගොස් තිබූ අතර එහි මිළ ඇමෙරිකා ඩොලර් 63.34 ක් ලෙස සටහන්ව තිබුණා. සෞදි අරාබියේ ගිනිගෙන විනාශ වූ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ තෙල් ධාරිතාව ලෝක තෙල් ධාරිතාවයෙන් 1%ක්. සෞදි රාජ්‍ය තෙල් පිරිපහදු මධ්‍යස්තානයක් වන ඇරම්කෝ නැමැති මෙම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ශාඛා ලොව පුරා පිහිටුවා තිබෙනවා. සේවකයන් 65266 කට වැඩි පිරිසක් මෙහි සේවයේ නිරතව සිටිනවා. පසුගිය වසරේ මෙම මධ්‍යස්ථානය ලැබූ දළ ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 111.1 ක්. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් දෛනික බොරතෙල් නිෂ්පාදනය  බැරල් මිලියන 5.7 කින් පහත බැසීමට ලක් වුණා.

The post ලොවපුරා බොරතෙල් මිල ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG