Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරුවරුන් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්  

Add comments

ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ උතුරු මැද පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින්.

උතුරු මැද පළාත් උපාධිධාරී ගුරුපත්වීම් ප්‍රදානෝත්සවය අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. එහිදී පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428 දෙනෙකු දෙමළ මාධ්‍ය ගුරුවරුන් සිය දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු පත්වීම් ලිපි ලබා ගත්තා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා සදහන් කළේ යහපත් පරපුරක් ගොඩනැගීමට අද දවසේ ගුරුවරයා වෙත පැවරී ඇති වගකීම අතිමහත් බවයි.

 

The post ගුරුවරුන් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG