Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභයගේ පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි  

Add comments

ඇවන්ට්ගාඩ් නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරන විනිසුරුමඩුල්ල විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඇවන්ට්ගාඩ් සමාගමට ගාලු වරාය ආසන්නයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බැවින් එම නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේ. එම නියෝගය නීතිවිරෝධී බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකළා.

 

 

 

The post ගෝඨාභයගේ පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG