Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන්ගේ පෙත්සම කැඳවීමට මහාධිකරණය දින දෙයි  

Add comments

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ලබන මස 4 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අදාළවයි මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කෙරුණේ. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිබාහිරව දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 400 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි නඩුව පවරා තිබුණේ. මේ සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා. එය අභියෝගයට ලක් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 4 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

The post ජොන්ස්ටන්ගේ පෙත්සම කැඳවීමට මහාධිකරණය දින දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG