Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්  

Add comments

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී පැවැත්වුණා. එම උත්සවය පැවැත්වුණේ ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ට්‍රියෙල් සන්ධානයේ 32වන සංවත්සරයට සමගාමීවයි.

ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් උත්සවය කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ කෙරුණා. එම උත්සවයේ විද්වත් දේශනය සිදුකළේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය කේ කේ සී කේ පෙරේරා මහතායි. මොන්ට්‍රියෙල් සන්ධානයට සිදුකරන ලද කිගාලි සංශෝධනය සහ දේශගුණික විපර්යාස වැළැක්වීම සදහා එයින් ලබා දෙන දායකත්වය යන්න මෙම දේශනයේ තේමාවයි. ශ්‍රී ලංකාව මොන්ට්‍රියෙල් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වීමේ තිස්වන සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා. වායු දූෂණය අවම කිරීම තේමා කරගනිමින් පාසල් දරුවන් අතර පැවති තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්.

විශ්වවිද්‍යාල හා තාක්ෂණික විද්‍යාල වෙත පරිසර හිතකාමී උපකරණ ප්‍රදානය සහ රේගු බලාත්මක නිලධාරීන් සදහා ගෝලීය මොන්ට්‍රියෙල් සන්ධාන සම්මාන ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මොන්ට්‍රියෙල් සන්ධානයේ සියලු පාර්ශ්වකාරී රාජ්‍යයන් සෑම වසරකම සැප්තැම්බර් මස 16 වන දින ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබනවා. ශ්‍රී ලංකාව ද නොකඩවාම එම වැදගත් දිනය සැමරීම සිදුකරන්නේ  එම සන්ධානයේ පාර්ශ්වකරුවෙකු ලෙසයි. ඕසෝන් වියන සුරැකීමේදී ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධිත රටවලට ඉදිරියෙන් සිටින අතර ඕසෝන් වියනට හානිකර වායු නිකුත් කරන උපාංග භාවිතයෙන් ඉවත් කිරීමේදී ඉතා ඉදිරියෙන් සිටින රටක් ලෙස ද ශ්‍රී ලංකාව සැලකෙනවා. මොන්ට්‍රියෙල් සම්මුතියට අනුව ඕසෝන් වියනට අහිතකර භාවිතයන්ගෙන් ශ්‍රී ලංකාව 2020 වන විට සියයට තිස්පහකින් ද 2025 වන විට සියයට 67.5කින් ද, 2030 වන විට සියයට 100කින් ද ඉවත්වීමට ගිවිසගෙන තිබෙනවා. මෙම උත්සවයට සමාගමීව ඉදිරිපත් කෙරුණු වායු දූෂණය පිළිබද පෝස්ටර් නිර්මාණ ප්‍රදර්ශනය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා.

 

 

The post ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG