Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අවදානම්  

Add comments

දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අවදානම් ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර කැලණි ගගේ ජන මට්ටම ඉහළ යමින් පවතින බැවින් කැලණි ගග අවට පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාවට අවදානයෙන් පසුවන ලෙස කාලගුණ අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

අදියර 3 ක් යටතේ මෙම අවදානම් ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

අධික වැසි සමග කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කළ බව ඉංජිනේරුවන් පවසනවා. ඒ සමග කලුගඟ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශයේ පහත් බිම් ඇතුලු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇටඹගස්හන්දිය ප්‍රදේශයේදී ස්ථාන දෙකකින් ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. බුලත්සිංහල මිල්ලකන්ද ප්‍රදේශයේ ද පිටාර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතුව තිබෙනවා. බුලත්සිංහල කලුතර ප්‍රධාන මාර්ගය ද දීයකඩුව ප්‍රදේශයේදී යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කෙසෙල්ගමුව ඔය පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි සහ බොගවාන යන ප්‍රදේශවලට පිවිසෙන අතුරු මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. පවතින පිටාර තත්ත්වයත් සමග වගාබිම් රැසක් ද විනාශ වී තිබෙනවා. කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා කාසල් රි ජලාශයේ ජල මට්ටම ද ඉහළ යමින් ඇති බවයි ඉංජිනේරුවන් සදහන් කරන්නේ.

නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක පවතිනවා. මහර දළුපිටිය ශරීරසුවතා මංතීරු කොටසක් සහ දෙල්පේ සිට දළුපිටිය දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසක්ද මේ වන විට ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන දැඩි වර්ෂාව සමග ජන ජීවිතයට බාධා එල්ලවී තිබෙනවා. මුහුදු ප්‍රදේශවලට ඇද හැලෙන වැසි නිසා ධීවර කටයුතු ද නවතා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත් බඳ මහාධිකරණයේ විනිසුරුවරුන් ගමන් ගන්නා මාර්ගයේ කොටසක සිවිලිම කඩා වැටී තිබෙනවා. මීට පෙර නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණ ද එය පිළිසකර කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවයි නීතිඥ සංගමයේ ලේකම් කෞෂල්‍ය නවරත්න මහතා කියා සිටියේ.

ආපදා නිවේදන සම්බන්ධයෙන් නිසි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අවදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG