Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලාංකීකයන් සතු මිත්‍රශිලි සුහදත්වය අගය කරනවා – ශ්‍රී ලංකාවේ හිටපු කාටාර්හි තානාපති  

Add comments

ශ්‍රී ලාංකීකයන් සතු මිත්‍රශිලි සුහදත්වය අගය කරන බව ශ්‍රී ලංකාවේ හිටපු කාටාර්හි තානාපති ආචාර්ය රෂිඩ් ෂාෆීයා අල් මාරි මහතා ප්‍රකාශ කර සිටියා. විදුලිබල,  බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ විෂය භාර අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවු අවස්ථාවේදී ඒ මහතා මේ බව සදහන් කළා.

ආචාර්ය රෂිඩ් ෂාෆීයා අල් මාරි මහතා වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ කටාර්හි තානාපතිවරයා වශයෙන් කටයුතු කරමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා සවිමත් කිරිමට විශාල සේවයක් ඉටු කළා. එ‍සේම දිවයිනේ ආර්ථික,  සමාජයීය,  අධ්‍යාපනික,  ආගමික මෙන්ම දේශපාලනික යන ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් කටාර් රාජ්‍යයේ සහයෝගය ලබාදීමට තානාපතිවරයා දැක්වූ සහය අතිමහත්.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර වසර ගණනාවක් පැවති රාජ්‍ය තාන්ත්‍රික සබදතා එලෙසින්ම පවත්වා ගනිමින් දෙරට අතර මිත්‍ර සබදතා වඩාත් තහවුරු කිරිම වෙනුවෙන් තමාට ලබාදුන් සහාය පිලිබද ආචාර්ය රෂිඩ් ෂාෆීයා අල් මාරි මහතා මෙහිදි ස්තූතිය පළ කර සිටියා. නව තානාපති වරයාටද ඒ අකාරයෙන් සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසයි  ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ. විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් සහාය ලබා දෙමින් දෙරට අතර සබදතා තහවුරු කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් තානාපතිවරයාට සිය කෘතඥතාව අමාත්‍යවරයා මෙහිදි පළ කර සිටියා.

ආචාර්ය රෂිඩ් ෂාෆීයා අල් මාරි මහතාගේ ඉවත්ව යාමෙන් හිස්වන තානාපතිධුරය සදහා පත්වන නව තානාපතිවරයාටද පෙර පරිදිම තම සහයෝගය දක්වන බවයි අමාත්‍ය රවිකරුණානායක මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

 

The post ශ්‍රී ලාංකීකයන් සතු මිත්‍රශිලි සුහදත්වය අගය කරනවා – ශ්‍රී ලංකාවේ හිටපු කාටාර්හි තානාපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG