Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට තුර්කිය සූදානම්  

Add comments

ඇමරිකාවේ නිෂ්පාදිත මිසයිල පද්ධතියක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ සාකච්ඡා කරන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගන් ප‍්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය තුළදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමයි සැලසුම. මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ සති දෙකකට පෙර දුරකථනයෙන් සාකච්ඡා කළ බවයි තුර්කි ජනාධිපතිවරයා පවසන්නේ. රුසියාවෙන් එස් 400 වර්ගයේ මිසයිල පද්ධතියක් මිලදී ගැනීමත් සමඟ තුර්කිය සහ ඇමරිකාව අතර මතභේදාත්මක තත්වයක් හටගත්තා.

එවැනි පසුබිමක ඇමරිකාවෙන් මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට තුර්කිය අවධානය යොමු කිරීම විශේෂත්වයක්.

The post ඇමරිකාවෙන් මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට තුර්කිය සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG